Sunday, December 22, 2024

General line - 0115112241

නව වැනි යොවුන් පුරයට  7000කට ආසන්න සංඛ්‍යාවක් 




නව වන (09) "යොවුන් පුරය" වැඩසටහන මාර්තු මස 28 වැනි දින නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

දින පහක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා විසිරී සිටින යෞවන සමාජවල තරුණ තරුණියන් 7000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිත බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සඳහන් කළේ.

තරුණ තරුණියන්ගේ පෞරුෂ වර්ධනය සඳහා වූ වැඩසටහන් රැසක් මෙවර ද පැවැත්වෙන අතර  නායකත්ව වැඩමුළු, යොවුන් කඳවුරු සහ තරුණ හමුද මේ අතර වනවා.

මෙහිදී ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ජාතික සංහිඳියාව සහ සම්මුතිවාදය පිළිබඳව අවබෝධයක් ලබන්නටත්, තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධව විදෙස් තරුණ තරුණියන් සමඟ අත්දැකීම් හුවමාරු කරගන්නටත්, අන්‍යනෝන්‍ය අවබෝධය තුලින් සාමුහිකත්වය, සහජීවනය පදනම් කර ගත් විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙන්නටත් හැකියාව හිමි වනවා.

මෙවර යොවුන් පුර වැඩසටහන පැවැත්වීම සඳහා කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ වැඩි දුරටත් සඳහන් කළේ.