ශ්රී ලංකා යුද්ධ හමුදාව යුද අපරාධ සිදු කර නොමැති බවට වාර්තාවක් ඉදිරිපත් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් මේවනවිටත් නොගැනීම නිසා තමන් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ 37 වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වෙන් කෙරුණු සැසිවාරයට එක්වෙමින්.