Sunday, December 22, 2024

General line - 0115112241

සීගිරිය ගැන ස්ථීර අදහසක් ගන්න සාධකයක් හමුවෙයි




සීගිරිය උතුරු දිය අගලේ සිදු කරන ලද කැණීමක දී හමුවූ ටෙරාකොටාවලින් කරන ලද සිංහ රූපය නිසා වැදගත්කරුණු රැසක් හෙළි කර ගැනිමට හැකිවන බව  මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන කියා සිටියේ සිංහ රූපයට අමතරව පබළු, යකඩ සහ ටෙරාකොටා මැටි බඳුන් ද මෙම කැණීමේදී හමුවූ බවයි. 

සීගිරියේ සිංහ රුව සම්බන්ධයෙන් විවිධ අනුමාන පවතිනවා. කෙසේවෙතත් උතුරු දිය අගලෙන් හමුවූ ටෙරාකොටා සිංහ රූපය අනුව, සිංහ පාදයට ඉහළින් තිබු සිංහ රූපයේ සැබෑ ස්වරූපය සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ස්ථිර අදහසක් ප‍්‍රකාශ කිරීමට හැකි වනු අතැයි අපේ්ක්ෂිතයි.

මෙම කැනීම්වලදී හමුවූ මැටි බඳුන් විදේශීය සම්භවයක් සහිත බව ද ඒ අනුව, සීගිරි කාශ්‍යප රජ සමයේ පැවති ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හෙළි කර ගැනීමට හැකි වනු ඇති බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.