Sunday, December 22, 2024

General line - 0115112241

රාජ්‍ය විශ්ව විද්‍යාල වල අනධ්‍යන සේවකයන්ට මුදල් අමාත්‍යාංශයෙන් ඇරයුමක්

පසන් වික්‍රමතිලක




වැඩවර්ජනයක නිරත රාජ්‍ය විශ්ව විද්‍යාල වල අනධ්‍යන සේවකයන්ට මුදල් අමාත්‍යාංශය සාකච්ඡාවක් සඳහා කැඳවීමක් කර තිබෙනවා. ඒ අනුව අද (16) සිය නියෝජිතයන් එම සාකච්ඡාවට සහභාගී වන බවයි විශ්ව විද්‍යාල වෘත්තීය ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ කියා සිටියේ.

රාජ්‍ය විශ්ව විද්‍යාල වල අනධ්‍යන සේවකයන් මේ වනවිට දින 17ක් වැඩ වර්ජනයේ යෙදී සිටිනවා. මේ හේතුවෙන් එම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු ද අඩාල වී තිබෙන බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී පෙනි ගියේ.