Sunday, December 22, 2024

General line - 0115112241

මහනුවර සිද්ධියෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීම ඇරඹේ




මහනුවර  ඉකුත්දා ඇතිවූ ගැටුම් හේතුවෙන් විපතට පත්වූවන්ට වන්දි ලබා දීම වන්දි ලබා දීම සඳහා විශේෂ ජංගම සේවාවක් අද (16) සිදු කෙරෙනවා. මහනුවර දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාලයේදී මෙම විශේෂ ජංගම සේවාව සිදු කෙරෙන බවයි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක පැවසුවේ.

විපතට පත්වූ පුද්ගලයින්ට මෙන්ම හානිවූ ගොඩනැගිලි සඳහා ද වන්දි ලබා දීමට නියමිතව තිබෙනවා.  ආගමික සිද්ධස්ථාන සඳහා වන්දි ලබා දිමට මෙහිදී ප්‍රමුඛතාව ලබා දෙන බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.  

හෙට (17) දිනයේදී වන්දි ලබා දීමේ ද සිදු කිරීමට නියමිතයි. වන්දි ලබා දීමේ කටයුතු කෙටි කලක් තුළ අවසන් කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු පැවසුවා.