හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහ බැංකුවේ නිළධාරින් අද (25) දැඩි විවේචනයකට ලක් කළා. ඔහු කියා සිටියේ රුපියල අව ප්‍රමාණ වීම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගිය බවයි. රුපියල අවප්‍රමාණ වීම පාලනයට මහ බැංකු නිළධාරීන් කටයුතු නොකළ බවටයි ඔහු චෝදනා කරන්නේ.
ඔහු මෙම අදහස් පළ කළේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.