Wednesday, May 8, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ තවත් දැඩි නියෝගයකින් පාකිස්ථානය අපහසුතාවයට

වසන්ත පිවිතුරු - අමෙරිකානු වාර්තා ඇසුරෙන්




අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසා පාකිස්ථාන සමාගම් 7කට ආර්ථික සම්බාධක පැනවීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

අමෙරිකානු අපනයන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක විදේශ අපනයන සමාගම් සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් පසුවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මෙහිදී පාකිස්ථාන සමාගම් 7ක් සම්බන්ධයෙන් වාර්තා වූ කරුණු පදනම් කර ගනිමින් ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම සමාගම් 7න් අමෙරිකානු ආරක්ෂාවට තර්ජන එල්ල වන බව පවසන අමෙරිකාව අදාළ සමාගම් න්‍යෂ්ඨික අවි සිය රටට ගෙන්වන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මෙම සමාගම් 7 සිය විදේශ ප්‍රතිපත්ති ආරක්ෂා කිරිමට කටයුතු කර නොමැති බවත් අමෙරිකාව චෝදනා කරනවා.

මෙම සමාගමවලට ආර්ථික සම්බාධක පැනවීමත් සමග පාකිස්ථානයේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වනු ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රස්ත මර්ධන කටයුතු සඳහා අමෙරිකාව විසින් පාකිස්ථානයට ලබාදුන් සහන කප්පාදු කිරිමට ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගත්තා.