Tuesday, May 7, 2024

General line - 0115112241

පුටින්ට එරෙහිව රුසියාවේ විරෝධතා

පවිත්‍රා මදුහර්ෂණි




ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව රුසියාවේ විරෝධතා මාලාවක් ආරම්භ වී තිඛෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට කෙමේරෝවෝ නුවරට රැස්ව සිටින මෙම විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. 

කෙමේරෝවෝ නුවර පිහිටි සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 64 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඒ අතර සිටින ඇතැමුන් කුඩා ළමුන්. මෙම සිද්ධියත් සමගයි ජනාධිපතිවරයාට එරෙහිව මෙලෙස විරෝධතා ආරම්භ වුනේ. 

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමට ජනාධිපති පුටින් නිලධාරීන්ට උපදෙස් දි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.