අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාද වෙමින් පවතින විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට යළි කැබිනට් මණ්ඩලයට පැමිණිය නොහැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැති බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට සහය දෙන්නැයි කුමණ අවස්ථාවකදීවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට පවසා නැති බවද තමුන්ට ජනාධිපතිවරයා පැවසූ බවද සඳහන් කළා.
කෙසේවෙතත් මෙම වසර හොරුන්ගේ අවසන් වසර බවද පවසා සිටියා.