අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේ විවාද වෙමින් පවතින විශ්වාසභංග යෝජනාව පිළිබඳව මීට සුළු වේලාවකට පෙර ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ අදහස් පළ කළා.
එහිදී, "මෙම විශ්වාසභංග යෝජනාව මගින් අපි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නිර්වස්ත්‍ර කළා. ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියල තියෙනවා අද මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දෙනවා කියල. ආණ්ඩුවේ 22ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දෙනවා. මේ විශ්වාසභංගයෙන් අපි මේ ආණ්ඩුවේ ඊනියා තුනෙන් දෙකේ බලය බිඳ වට්ටනවා. මේ විශ්වාසභංගයට විරුද්ධව කථා කරන්නෙ මුදල්. හෘද සාක්ෂිය නෙවෙයි මේ කාථා කරන්නෙ.. මූල්‍ය සාක්ෂිය." යනුවෙනි.
කෙසේවෙතත් විමල් වීරවංශ මුදල් කතාව ප්‍රකාශ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් ඔහුගේ කතාවට දැඩි විරෝධයක් එල්ල වුණා. කෙසේවෙතත් බාධා මැද විමල් වීරවංශ සිය කතාව දිගටම සිදු කරගෙන ගියා.