Tuesday, September 17, 2024

General line - 0115112241

බොරු කියන අපහාස කරන සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවිවලට එරෙහිව නීතිය ගෙනෙයි

මේනකා රත්නායක




අසත්‍ය තොරතුරු හා අපහාසාත්මක පළකිරීම් සිදු කරනු ලබන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාල, විවිධ වෙබ් අඩවි ඇතුළු ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදා හරිනු ලබන සහ අපහාසාත්මක පළ කිරීම් සිදු කරනු ලබන තැනැත්තන්ට එරෙහිව පවතින නීතිමය රාමුව තුළ ගත හැකි පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යන ආයතන වෙත දැනුම් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කෙරුණා.