Tuesday, September 17, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය නැතිවෙන හැටි විශ්වාසභංග විවාදයේදී ඇමති සුසිල් කියයි




"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ලේකම් නෙවෙයි. ලේකම් එක එක වෙලාවට කියන ඒවා ශ්‍රීලනිපයේ මතය නෙවෙයි. ඔය හත් අට දෙනෙක්ගේ කල්ලියක්." යැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ පාර්ලිමේන්තුවේ අද (04) පැවති, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයේදීය.

ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාලද සිල්වා, ඩිලාන් පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය විට ඉතිරි වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම පුවරුව පමණක් බවයි ඔහු පැවසුවේ. ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනි ආණ්ඩුවක් නිර්මාණය කරනා බවද ඔහු අවධාරණය කළා.