Sunday, December 22, 2024

General line - 0115112241

අමාත්‍ය මණ්ඩල සංශෝධනය තවත් කල් යයි - හේතුව මෙන්න

හේමන්ත කහවලගේ




අමාත්‍ය මණ්ඩලයේ යෝජිත මීළග සංශෝධනය එළඹෙන වෙසක් පොහොයෙන් පසු සිදු කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. මීට පෙර ප‍්‍රකාශ වුයේ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දෙන් පසු අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කෙරුණු ඇති බවයි. බොහෝ විට අද (27) දිනය තුළ මෙම සංශෝධනය සිදුවනු ඇතැයිද වාර්තා පළ වුණා.

කෙසේවෙතත් තනතුරු නිර්ණය කිරීමේ කටයුතු තවමත් අවසන් කර නොමැති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ. ඒ අනුවයි යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය වෙසක් පොහොයෙන් පසුවට කල්ගොස් ඇත්තේ.