Saturday, September 21, 2024

General line - 0115112241

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙරට සිනමාවේ විප්ලවයක් කළා - අගමැති

ලහිරු කපුගේ / පසන් වික්‍රමතිලක




අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා කලාකරුවන් ඇතුළු පුද්ගලයින් රැුසක් අද ඔහුගේ නිවසට පැමිණියා. දේහය තැන්පත් කර ඇත්තේ තිඹිරිගස්යාය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඔහුගේ නිවසේයි. 

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ මෙරට සාහිත්‍යයේ විප්ලවයක් කල අයෙක් බවයි, එමෙන්ම මෙරට සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යාමට හැකිවුයේ ඔහුගේ හැකියාව මත නිසයි.

 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දේශීය සිනමාවට ශ්‍රී ලංකා අනන්‍යතාවය ලබාදුන් බවත් ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනත් දුන් බවත්, එතුමාගේ වියෝව මුළු රටටම දැනෙන බව මෙහිදී අදහස් පළකරමින් ප‍්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රකාශ කර සිටියා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන බදාදා සිදු කෙරෙනවා. 

1919 වසරේ උපත ලද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප‍්‍රාප්ත වන විට 99 වන වියේ පසු වුණා.