Monday, April 29, 2024

General line - 0115112241

රටේ ඉලක්ක ජය ගැනීමට නම් පක්ෂ අතර පවතින බල අරගලය නිම කළ යුතුයි (PHOTOS / UPDATES)

සමන්ත කුමාර - පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට




රටේ ඉලක්ක ජය ගැනීමට නම් පළමුව ආණ්ඩුවේ පක්ෂ අතර පවතින බල අරගලය සමනය කරගත යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ 08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවට අද සහභාගී වෙමින්. 

ආණ්ඩුවට එල්ල වන චෝදනා කිහිපයකට ද ජනාධිපතිවරයා ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, එම සෑම චෝදනාවක් සම්බන්ධයෙන් සැලකිලිමත් වී ස්වයං විවේචනයක් සිදු කරමින් නිවැරදි දේ කිරීමට කැපවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ප‍්‍රධාන පක්ෂ 02 එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා. රට හමුවේ එල්ලවී ඇති අභියෝග හමුවේ සියළු පක්ෂ එකාවන්ව කටයතු කළ යතු වෙනවා. ආන්ඩු මාරුවලදී සිදුවන මහා පරිමාන දේශපාලන පලිගැනීම් නවතා ජයග්‍රාහකයාටත් පරාජිතයාටත් අභිමානවත්ව ජීවත් වීමේ වටපිටාවත් ඇති කීරීම සැවොමගේ වගකීමක් බවයි ඔහ් පෙන්වා දුන්නේ.

ජනාධිපතිවරයා මෙම කථාව අවසාන කළේ සියලූ පාර්ශවයන්ට විවෘත ආරාධනයක් ද කරමින්. ජනතාවගේ හෘද ස්පන්දනය හඳුනාගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙනයාමට සියළු පාර්ශවයන්ට එහිදී ඇරයුම් කෙරුණා.

--------------------------------------

පාර්ලිමේන්තුවේ 2වැනි සැසිවාරය ඇරඹෙයි

08-05-2018 14:26

පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට සුබාශිංසන පිරිනමමින් ජනාධිපතිවරයා විසින් අට වැනි පාර්ලිමේන්තුවේ 2 සැසිවාරය ආරම්භ කරනු ලැබූවා. 

------------------------------------

ජනපති පාර්ලිමේන්තුවට

08-05-2018 14:10

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පස්වරු 2ට පමණ පාර්ලිමේ්නතු සංකීර්ණය වෙත පැමිණියා. කතානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගත් අතර, ජනාධිපති උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සබා ගැබ වෙත පිවිසියා.

 

----------------------------------------------------------------------

8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (08) ආරම්භ වනවා. පස්වරු 1.30ට පමණ කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 1.35 පමණ වනවිට පැමිණියා.

 

-------------------------------------------

අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද ජනපති ප‍්‍රධානත්වයෙන්

08-05-2018 04:41

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කල්දැමූ 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (08) ආරම්භ වනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා විශේෂ ගෞරවාචාර මධ්‍යයේ ඒ සඳහා කැඳවාගෙන එනු ඇති. 

මෙම උත්සවයේදී යුද හමුදාව විසින් සම්මාන ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීමටද නියමිතව තිබෙනවා. අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ මංගල රැස්වීමට කැඳවාගෙන ඒමට නියමිතයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ පස්වරුවේ 2.15ටයි. 

අද පැවැත්වෙන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය වෙනුවෙන් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.