Monday, April 29, 2024

General line - 0115112241

ඇමතිකම්වලින් ඉවත්වු 16 දෙනා ඒකාබද්ධයේ ඝෝෂා මැද විපක්ෂයේ අසුන් ගනී! තිදෙනෙකුට පළමු පෙළ අසුන්

සමන්ත කුමාර - පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට




ඇමතිකම්වලින් ඉවත්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා අද (08) විපක්ෂයේ අසුන් ගනු ලැබුවා. සභාවේ කටයුතු ආරම්භ කිරීමට සීනුව නාද වන අවස්ථාවේ ආණ්ඩු පක්ෂය දෙස සිට සභාව මැදින් විපක්ෂට ගොස් එම පිරිස අසුන් ගනු ලැබුවා. 

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලද අසුන් ගනු ලැබූවේ විපක්ෂයේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම අවස්ථාවේ ප්‍රීති ඝෝෂා නගනු ලැබුවා.

විපක්ෂයේ අසුන් ගත් එස් බී දිසානායක, ජෝන් සෙනෙවිරත්න සහ සුමේධා ජී ජයසේනට පළමු පෙළ අසුන් හිමිවූයේ ජේ්‍යෂ්ඨත්වය අනුවය.