Monday, April 29, 2024

General line - 0115112241

වට්ටක්කා මිලට ගන්න මහා භාණ්ඩාගාරයෙන් ලක්ෂ 50ක්

ඩිල්ෂාන් මඩවල




පීඩාවට පත් වට්ටක්කා ගොවීන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් ලක්ෂ 50ක් වෙන් කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. රට පුරා වට්ටක්කා ගොවීන්ගෙන් වට්ටක්කා මිලදී ගැනීමට මෙම මුදල් යොදවා ගන්නා බවයි නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු කියා සිටියේ.

අදාළ මුදල් දැනටමත් දිස්ත‍්‍රික් කෘෂිකර්ම නිලධාරීන් වෙත මුදාහැර ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා. මිලට ගන්නා වට්ටක්කා සුදුසු පරිදි වෙළඳපොලට නිකුත් කිරීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 

අස්වනු විකුණාගත නොහැකිව රටපුරා වට්ටක්කා ගොවීන් පීඩාවට පත්ව ඇතැයි නෙත් නිව්ස් මීට පෙර වාර්තා කළා.