Saturday, September 21, 2024

General line - 0115112241

රණ මයුර පදක්කම සොරාගත්තවුන් අතර IRC කාරයින් ! අයෙක් අවුරුදු 40ක් පරණ IRC කාරයෙක්

තරංග රුක්ෂාන් ජයසේකර




අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවේ ඔහුට අයත් රණමයුර පදක්කම සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් පිළිබ`ද තවත් වැදගත් තොරතුරු කිහිපයක් පොලිසිය අද අනාවරණ කළා. මෙම සැකකරුවන් අතරින් කිහිප දෙනෙකුම ලියාපදිංචි අපරාධකරුවන් බවයි පොලිස් ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. 

"මේ එක් සැකකරුවෙක් වන උරලගම දිසානායක මුදියන්සේලාගේ නවරත්න බණඩා හෙවත් නිමල් හෙවත් රාළහාමි 1977 වසරේදී ලියාපදිංචි අපරාධ කරුවෙක් වූ පුද්ගලයෙක්. තවත් දෙදෙනකුද ලියාපදිංදි අපරාධ කරුවන්"

මෙවැනි වරද දෙකකට වරදකරුවකු හෝ වරදකරුව සිර දඬුවම් විඳි පුද්ගලයින් අයි ආර් සී  හෙවත් මෙරට ලියාපදිංචි වරදකරුවන් සේ සලකන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

අදාළ සොරකම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින මුලූ සැකකරුවන් ගණන 06 දෙනෙක්.