Saturday, September 21, 2024

General line - 0115112241

අධිකරණයට ගිණි තැබූ සැකකරුට බණ්ඩාරවෙල අධිකරණයේම නඩුපිට නඩු

තරංග රුක්ෂාන් ජයසේකර




බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ඉකුත්දා හටගත් ගින්න සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පමණක් නඩු 11 ක් පවතින බවයි පොලිස් ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

එම නඩු 11ම ගෙවල් බිඳ දේපල සොරාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වන ඒවා බවද ප‍්‍රකාශ කෙරුණා. සැකකරු දැනට ඇප මත මුදාහැර සිටින බවද ගිනි තැබීමෙන් බණ්ඩාරාවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ කිසිදු නඩු ගොනුවක් විනාශ වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.