Monday, April 29, 2024

General line - 0115112241

දුම්රිය සේවකයින්ට කැබිනට් මණ්ඩලයේ තීන්දුව ලැබෙයි (UPDATE)

හේමන්ත කහවලගේ




දුම්රිය සේවකයින්ගේ වැටුප් ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය රාජිත සේනාරත්න නෙත් නිවුස් වෙත ඒ පිළිබඳ තහවුරු කළා. 

ඒ අනුව සිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවද දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරනවා.

---------------------------------

"අද දහවල් 12න් පස්සේ දුම්රිය වෘත්තීය සමිති කුමක් කරයිද කියන්න බෑ"

(09-05-2018 05:36)

(ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ)

 

ඊයේ (08) මධ්‍යම රාත‍්‍රියේ සිට ආරම්භ කිරීමට තිබූ සිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවුවද පොරොන්දු ඉටු නොකළහොත් එම වැඩවර්ජනය වහාම ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ සිය වැටුප් තල සම්බන්ධයෙන් සකස් කර ඇති චක‍්‍රලේඛයට අද (09) කැබිනට් අනුමැතිය ලබාගන්නා බවට මෙම පොරොන්දුව ලැබී ඇති බවයි. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ ඊයේ සාකච්ඡාවලදී එකඟ වූ පරිදි අදාළ වැඩවර්ජනය ආරම්භ කිරීම අද දහවල් 12.00 තෙක් නතර කෙරුණු බවයි. ඒ අනුව අද අවසන් තීරණය කැබිනට් මණ්ඩලය ගනු ඇති බවත් එම තීරණයෙන් පසුව දුම්රිය වෘත්තීය සමිති කුමක් කරයිද යන්න කිව නොහැකි බවද සඳහන් කළා.

දුම්රිය සේවයේ ශ්‍රේණි කිහිපයක සේවකයින් යෝජිත වැඩවර්ජනයට සහය පළ කරනවා. වැඩවර්ජනය ආරම්භ කෙරුණහොත් දුම්රිය පාලකවරුන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය රියදුරන් ඊට එක්වනු ඇති. කෙසේ වෙතත් සියලූ දුම්රිය මේ වනවිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා.

(සබැඳි පුවත් මෙතැනින්)