Saturday, September 21, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීමත් අද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කෙරෙයි




සංශෝධිත නව කැබිනට් මණ්ඩලය අද (09) පළමු වරට රැස් වනවා.

ඒ පිළිබඳ කරුණු දක්වන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සඳහන් කළේ නව කැබිනට් මණ්ඩලයේ මූලික අවධානය යොමු වන්නේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා වූ තීන්දු තීරණ ගැනීමට බවයි. 

08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ (08) කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂය කරන ඉල්ලීම සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලය අද සලකා බලනු ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැති බවත් වත්මන් ආණ්ඩුවට සැඟවීමට කරුණු නැති බවත් සඳහන් කළා. කිසිඳු කාරණාවක අසත්‍යක් නොමැති බවත් පෙන්වා දුන්නා.

සංශෝධිත නව කැබිනට් මණ්ඩලය විසින් නව ප‍්‍රවේශ යටතේ ඉලක්ක ජය ගැනීමට රට මෙහෙයවනු ඇතැයි ද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කියා සිටියා.