සිය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද (09) විශේෂ ප‍්‍රකාශයක් සිදුකරන බව ආණ්ඩුවේ තනතුරු අත්හළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා.
ඒ පිළිබඳ කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි පෙන්වා දුන්නේ "අද දින සිදු කිරීමට නියමිත මෙම විශේෂ ප්‍රකාශය තුළ ආණ්ඩුවට රටට සහ රටේ අනාගතයට වැදගත් වන කාරණා පණිවුඩ ඇතුළත් වෙයි කියලා විශ්වාශය තබා ගන්න." යනුවෙනි
දෙවන සැසිවාරය සඳහා ඊයේ විවෘත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වන්නේ පළමු වරටයි.