Saturday, September 21, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපලේ වෙළඳසැල් ගබඩාවක ගින්නක්

නිශාන් ද සිල්වා/ටී කේ ජී කපිල




කටුනායක ගුවන් තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ ගබඩාවක ගින්නක් ඇති වී තිබෙනවා.

මේ වන විට එම ඇති වූ ගින්න පාලනය කර තිබෙනවා.

අද (09) අලූයම 04.00ට පමණ ආරම්භ වූ ගින්න පැය භාගයකට වැඩි කාලයක් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ගුවන් තොටුපල ගිනි නිවීම් ඒකකය විසින් ගින්න පාලනය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ගිනි ගැනීම හේතුවෙන් ගුවන් ගමන්වලට බාධාවක් සිදුව නැහැ. ගින්නට හේතුව හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙනවා.