Monday, April 29, 2024

General line - 0115112241

අල්ලස් සිද්ධියේ නඩුව ගැන තොරතුරු හොයන්න පුද්ගලයෙක් ඇවිත් (UPDATE)

අධිකරණ වාර්තාකරු




රුපියල් කෝටි 02 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායකට අදාළ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දී තිබෙනවා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් සදහන් කළේ් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ බුද්ධි අංශයේ සාමාජිකයෙකු බව පැවසෙන පුද්ගලයෙකු විසින් පැමිණිලිකාර ඉන්දීය ජාතිකයාගේ කාර්යාලයට පැමිණ මෙම නඩුව සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති බවයි.

මෙය පරීක්ෂණවලට එල්ල කෙරුණු බලපෑමක් විය හැකි අතර පැමිණිලිකරු මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට සහ අල්ලස් කොමිසමට දැනුම් දී ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. 
 

----------------------------------

අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් දෙනෙනා යළිත් රිමාන්ඩ්

(09-05-2018 10:41)

 

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට ඉන්දියානු සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක නැමැති අය මැයි මස 22 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනය අද (09)  නියෝග කළා.

කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකදී අල්ලස් වශයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා  අත්අඩංගුවට ගත්තා.