Monday, April 29, 2024

General line - 0115112241

අද ගේන පනත් කෙටුම්පතින් පසු විශේෂ අධිකරණයෙන් විභාග කෙරෙන පළමු නඩුව ගැන ආණ්ඩුව පැත්තෙන් අනාවැකියක්

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කෙරෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පරාජය කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි පැවසුවේ ආණ්ඩුව මෙම කෙටුම්පත ගෙන එන්නේ දේශපාලන පළිගැනීමක් සඳහා බවයි. 

ශ්‍රේෂ්ඨාධිකරණ නියමයන් ඉක්මවා යාම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම කෙටුම්පත කූඨ ලෙස වෙනස් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ද සිසිර ජයකොඩි මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා. 

කෙසේ වෙතත් අද ඉදිරිපත් කෙරෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට සහය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා. ඔහු සඳහන් කළේ මෙම ආණ්ඩුව බලයට පත්වූයේම වංචනිකයන්ට දඬුවම් දෙන බව පවසමින් බවයි. එය මේ වන විට ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බවද සඳහන් කළා.

අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ කියා සිටියේ මෙම කෙටුම්පත මගින් විශේෂ අධිකරණ ස්ථාපිත කෙරෙන්නේ නඩු කඩිනම් කිරීමට බවයි. දේශපාලන පලිගැනීමක් සඳහා එමගින් උත්සහ නොකෙරෙන බවද ඇය පැවසුවා. මෙම විශේෂ අධිකරණයෙන් විභාග කෙරෙන පළමු නඩුව ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වුවද විය හැකි බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.