Monday, April 29, 2024

General line - 0115112241

ජනපතිගේ විශේෂ ප්‍රකාශය ගැන නීතිවේදීන් කරුණු පෙන්වයි

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කරමින් ජනාධිපතිවරයා සිදු කරන ප‍්‍රකාශ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බව නීතිවේදීන් පෙන්වා දෙනවා.

08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) ප‍්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ආණ්ඩුවේ ඉදිරි ප‍්‍රතිපත්ති, ප‍්‍රකාශයට පත් කිරීමටයි ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේ.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය පෙර සිටම කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එක් දිනයක පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය වන බවයි. 

එවැනි ප‍්‍රකාශයකින් පසුව විවාදයක් පැවැත්වීම අත්‍යවශ්‍ය සාධකයක් ද යන්න පිළිබඳ නෙත් නිවුස් විමසා බැලීමක් සිදු කළා.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරංකහ කියා සිටියේ පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කිරීමේ දී ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම හෝ අත්‍යවශ්‍ය කටයුත්තක් නොවන බවයි. ඒ හේතුවෙන් එවැන්නකට විවාදයක් පැවැත්වීමට ද අත්‍යවශ්‍ය නොවන බව ප‍්‍රකාශ කෙරුණා. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කිරීමේ දී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ ගැටළුවක් නොමැති බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරංකහ කියා සිටියේ.