Saturday, September 21, 2024

General line - 0115112241

මහින්දානන්දගේ නඩුවක වැඩිදුර සාක්ෂි විමසීමට දින දෙයි

අධිකරණ වාර්තාකරු




හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට එරෙහි නඩුවක් සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විමසීම ජූනි මස 26 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළා. හිටපු අමාත්‍යවරයා අයථා ලෙස උපයාගත් මුදල්වලින් කොළඹ 07, කිංසි පාරේ නිවසක් මිලදී ගෙන ඇති බවට වන අධි චෝදනා සම්බන්ධයෙන් වූ නඩුවකුයි මෙලෙස කැඳවනු ලැබුයේ.

එහිදී ශ‍්‍රී ලංකා නිදහස් කම්කරු කොංග‍්‍රසය නමැති වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ඩග්ලස් කහවගේ නැමැත්තාගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණා. ඊට අමතරව මහින්දානන්ද අලූත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ රියදුරු ලෙසට කටයුතු කළ වසන්ත රාජපක්ෂ නැමැත්තාගේ සාක්ෂි ලබා ගැනීම ද අද අවසන් කර තිබෙනවා.