Saturday, September 21, 2024

General line - 0115112241

විගණන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි




ජාතික විගණන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කර තිබෙනවා. ඒ බව පාර්ලිමේන්තුව වෙත දන්වා එවා තිබෙනවා.

2015 ජනපතිවරණයේ දින 100 වැඩසටහනේ ප්‍රධානම පොරොන්දුවක් ලෙස යළි මතුවූ මේ ජාතික විගණන පනත් කෙටුම්පත විවිධ හැලහැප්පීම්වලින් පසු 2018 මාර්තු 16 දින ගැසට් පත්‍රයේ පළකර තිබෙනවා.

ගැසට් පත්‍රයේ පූර්විකාවේ ‘විගණන සේවා කොමිසමේ බලතල, කාර්ය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහාද, ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහාද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව දැක්වීම සඳහාද, ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පණත් කෙටුම්පතකි.’ යනුවෙන් පනත් කෙටුම්පතේ අරමුණ දක්වා ඇත.