Saturday, September 21, 2024

General line - 0115112241

පැය 10ක ජල කප්පාදුවක්




කොලොන්නාව සහ අවට ප‍්‍රදේශවලට හෙට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව හෙට පස්වරු 2 සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා කොලොන්නාව, මීතොටමුල්ල, සේදවත්ත සහ වැල්ලම්පිටිය යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ.