Saturday, September 21, 2024

General line - 0115112241

සිසු විරෝධයට එල්ලවූ ජල ප්‍රහාරයෙන් 10 ක් රෝහලේ (UPDATE)




සයිටම් විරෝධී පාගමනට අද (09) පස්වරුවේ පොලීසිය එල්ල කළ ජල ප‍්‍රහාරය හේතුවෙන් සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසුවේ සිට ගැටලූ පිළිබඳ උසස් උධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලමින් මෙම පාගමන සංවිධාන කළ බවයි. 

............................................................................

සිසුන්ට අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර 

(09-05-2018 17:35)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති සයිටම් විරෝධි විරෝධතාවය විසුරවා හැරීම සඳහා අධි පීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.

ඊයේ දිනයේදීද විරෝධතාවයක නියැළුණු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විසුරවාහැරීම සඳහා අධි පීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණා.

----------------------------------------------------

කොටුවේ පෙළපාලි හා උද්ඝෝෂණවලට එරෙහිව අධිකරණ නියෝගයක් -  වෝඩ් පෙදෙස වසා දැමේ

09-05-2018 15:57

කොළඹ කොටුව ආශ්‍රීතව පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලි හෝ උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිව සීමා පණවමින් නියෝගයක් නිකුත් කොට ඇතිබව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. ඒ පොලිසිය විසින් අධිකරණය වෙත කරන ලද කරුණු දැක්වීමකට අනුවය.

කෙසේ වෙතත් සයිටම් විරෝධි පාගමනක් හේතුවෙන් වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසනවා. ටවුන් හෝල් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් වාර්තා වනවා.

කොළඹ කොටුව ආශ්‍රීතව පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලි හෝ උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය මාධ්‍යවෙත නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.