පරිප්පු ආනයන කිරීමේදී පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු අද සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය පැවසුවේ පියළි නොකළ පරිප්පු කිලෝවක ආනයනික බද්ද රුපියලේ සිට රුපියල් 07දක්වා රුපියල් 06කින් ඉහළ දමා ඇති බවයි. පියළි කළ පරිප්පු කිලෝවක ආනයනික බද්ද රුපියල් 03 සිට රුපියල් 12 දක්වා රුපියල් 09කින් ඉහළ දමා තිබෙනවා.
ලෝක වෙළඳපොලේ පරිප්පු මිල ගණන් පහළ යාම සැලකිල්ලට ගෙන අදාළ බදු සංශෝධනය කළ බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ. මේ හේතුවෙන් දේශීය වෙළඳපොලේ පරිප්පු මිල ඉහළ නොයනු ඇති බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.