Tuesday, December 24, 2024

General line - 0115112241

ද්විත්ව පුරවැසිභාවය හිමි දේශපාලඥයින් 05 දෙනෙක් ඉල්ලා අස්වෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ද්විත්ව පුරවැසිභාවය ලැබ සිටි තවත් ඔස්ටේ‍්‍රලියානු දේශපාලඥයින් 05 දෙනෙකු අද (09) සිය ධූරවලින් ඉල්ලා අස්වුණා. විදෙස් වාර්තා පැවසුවේ සිය ධූර භාරගන්නා අවස්ථාවේදී වෙනත් රටක පුරවැසිභාවය ලබා සිටි දේශපාලඥයින් පිරිසක් මෙලෙස සිය ධූර අතහැර ඇති බවයි. එම පිරිස අතර ඔස්ටේ‍්‍රලියානු සෙනට් සභික කැටී ගාගර් සහ පාර්ලිමේන්තුවේ පහළ මන්ති‍්‍ර මණ්ඩල සභිකයින් සිව් දෙනෙකු වනවා. ඔවුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණයේදී පැවැති විභාගයේ තීන්දු අද ප‍්‍රකාශයට පත්වීමත් සමගයි එම පිරිස මෙලෙස සියධූර වලින් ඉල්ලා අස්වී ඇත්තේ. 

එරට හිටපු උප අග‍්‍රාමාත්‍ය බානබී ජොයිස් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු බව හෙළිවීමත් සමග දේශපාලඥයින් හට ද්විත්ව පුරවැසිභාවය තිබීම සම්බන්ධයෙන් ඔස්ටේ‍්‍රලියාව තුළ දැඩි කතාබහක් මතුවුණා. ඒ හමුවේ උප අග‍්‍රාමාත්‍ය බානබී ජොයිස් සමග එරට පාර්ලිමේන්තු සභිකයින් 10 දෙනෙකු හා එක් සෙනට් සභිකයෙකුද පළමුව සිය ධූරවලින් ඉල්ලා අස්වුණා. පාර්ලිමේන්තු සාමාජිකයින් හට වෙනත් රටක පුරවැසිභාවය දැරීම ඔස්ටේ‍්‍රලියානු ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබීම ඊට හේතුවයි. 

කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් දිගින් දිගටම ඔස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ සභිකයින්ට සිය ධූර අමිහිවීම හමුවේ අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් හට පාර්ලිමේන්තුවේ ඇති බහුතර බලය සම්බන්ධයෙන්ද අවිනිශ්චිතභාවයක් මතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.