අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. අදාළ පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී අද දිනයේ එය ඉදිරිපත් කිිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් විරෝධය පළ කළා.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ කියා සිටියේ මෙම පනත් කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මන්ත්‍රීවරුන් සමග සාකචිජා කර නැති බවත් ඒ පිලිබදව මන්ට්‍රිවරුන්ගේ අදහස් විමසා බැලීමක් සිදු නොකර ඇති බවත් ඒ නිසා මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම හා සම්මත කර ගැනීමට විරෝධය පලකරන බවයි.
කථානායක කරු ජයසූරිය මහතා සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලද මෙහිදී අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුමද එම සංවාදයට මැදිහත්වුණා.
එම විරෝධතා මධ්‍යයේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.