Monday, December 23, 2024

General line - 0115112241

විපක්ෂයට ගිය එස් බී මැති සභයේදී කියූ දේ

සජිත් තිලකරත්න




යුක්ති සහගත සටන්වලදී විපක්ෂය සමග තමන් ඇතුලූ 16දෙනා එක්ව කටයුතු කිරිමට සූදානම් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසනවා. එමෙන්ම අගමැතිවරයා ප්‍රමුඛ රජය විසින් සිදුකරනු ලබන හොද දේවල් වලදී එයට සහය දක්වන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

තමන් ඇතුලූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙකු අමාත්‍යධූරවලින් ඉවත් වී විපක්ෂයට එක්වීම පිළිබඳ අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 675ක් අතුරුදන්වී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන ලෙසද හිටපු අමාත්‍ය එස් බී දිසානායක මෙහිදී ඉල්ලීමක් කළා.