නියෝජ්‍ය කථනායකධූරය සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවුණා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යනම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිංලග සුමතිපාලට තවදුරටත් නියෝජ්‍ය කථානායකධූරයේ කටයුතු කිරීමට ඉඩ දිය හැකි බවයි.
එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් කථානායක කරු ජයසුරිය කියා සිටියේ තමන් ඒ පිලිබදව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට එම යෝජනාව ගැන දැනුවත් කරන බවයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාරද කථානායකවරයාගෙන් මේ පිළිබඳ විමසා සිටියා. එහිදී මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් විමසා සිටියේ නියෝජය කථානායකධුරයේ පුරප්පාඩුවක් තිබෙනවාද යන්න ගැනයි. එහිදී කථානායකවරයා කියා සිටියේ නියෝජ්‍ය කථානායකවරයා ගේ ඉල්ලා අස්වීම ගැන මෙතෙක් තමන්ට නිලවශයෙන් දැනුම් දී නැති බවයි.