Monday, December 23, 2024

General line - 0115112241

සමෘද්ධි නිලධාරීන් ආණ්ඩුවට සතියක් කල්දෙයි

දිල්ශාන් තුෂාර




සමෘද්ධි බැංකු මහ බැංකුව යටතට පත් කිරීමේ යෝජනාව සතියක් ඇතුළත හකුලා නොගත හොත් ඊට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බව සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ජගත් කුමාර අද (09) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සමෘද්ධි ව්‍යාපාරයේ මුදල් ආණ්ඩුවේ පැවැත්මට යොදා ගැනීම මෙම යෝජනාවේ අරමුණ වන බවයි.

අදාළ යෝජනාව හකුලා නොගතහොත් ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳවද මෙහිදී පැහැදිළි කෙරුණා.