ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ විසි එකේ වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ රෝගී කාන්තාවක් දහ හතේ වාට්ටුවට මාරු කිරිම ප්‍රමාදවීම නිසා කෝපයට පත් රෝගී කාන්තාවගේ විසි හැවිරිදි පුතා විසින් 21 වාට්ටුවේ වෛද්‍යවරයෙකුට ඊයේ (9) පහරදී ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා. නිව්මෝනියා රෝගයෙන් පෙලෙන කාන්තාවක් පරික්ෂා කළ වෛද්‍යවරුන් ඇය වැඩි දුර ප්‍රතිකාර සඳහා 17 වාට්ටුවට මාරු කරන ලෙස උපදෙස්දී ඇත. එහෙත් එම මාරු කිරිම ප්‍රමාදවීම නිසා කෝපයට පත් රෝගී කාන්තාවගේ පුතා විසින් වෛද්‍යවරයකුගේ හිසට අතමිට මොලවා පහරදි තිබෙනවා.
අනතුරුව වෛද්‍යවරයා රෝහලේ අංක 58 වාට්ටුවට ඇතුළුවී ඇත. වෛද්‍යවරයාට පහර දුන් සැකකරු කරාපිටිය රෝහල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සදහා ගාල්ල පොලිසිය වෙත භාරදී ඇත මේ අතර පහර කෑමට ලක්වූ වෛ්‍යෛවරයා විසින් මේ පිළිබද කරාපිටිය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවටද පැමිණිලි කර තිබෙනවා.