අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (09) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පනත් කෙටුම්පත සම්මත වූ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ. පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීමේ අවස්ථාවේදී ඡන්ද විමසීමක් සිදු කෙරුණා. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 119ක් හිමිවූ අතර විපක්ෂව හිමිවුණේ ඡන්ද 52ක් පමණයි.