Saturday, September 21, 2024

General line - 0115112241

අහුන්ගල්ලේදී සංචාරක මගපෙන්වන්නන්ට තර්ජන

සමන්ත කුමාර




අහුන්ගල්ල ප‍්‍රදේශයට පැමිණෙන සංචාරකයන් ද ඇතැම් පුද්ගලයන්ගේ හිරිහැරවලට ලක්වන බව සංචාරක මග පෙන්වන්නන් පවසනවා. මීට දින කිහිපයකට පෙර විදේශීය සංචාරකයන් පිිරිසක් සමග එම ප‍්‍රදේශයට පැමිණි සංචාරක මග පෙන්වන්නෙකු ද පහර කෑමකට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. පහර කැමට ලක්වු සංචාරක මග පෙන්වන්නා ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ අහුන්ගල්ල ප්‍රදේශයේ සිටින ත්‍රිරෝද රථ රියදුරන් ගෙන් තමන්ට මෙලෙස තර්ජනය එල්ල වන බවයි. 

මෙවැනි සිදුවීම් සංචාරකයන් මෙරටට පැමිණීමට අහිතකර ලෙස බලපාන බවයි. මෙම පහරදීම සිදුවුනේ රුසියානු, යුක්රේන, ග්‍රීසියේ වැනි රටවලින් පැමිණි සංචාරකයින් ඉදිරිපිටදී බවත් මෙවැනි සිදුවීම් හරහා සංචාරක කර්මාන්තය තුලින් ශ්‍රී ලංකාව ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මෙවැනි සිදුවීම් එයට විශාල මරුපහරක් වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මීට පෙර මිරිස්ස වෙරළ තීරයේදී සංචාරකයන් පිරිසක් හිංසනයට ලක්වීමේ පුවතක් වාර්තාවුණා. ඉන්පසු එම ප‍්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමටයි ජනාධිපතිවරයා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.