Saturday, September 21, 2024

General line - 0115112241

පළමු වසරට සිසුන් ඇතුලත් කරගැනීමේ කුඨ අයදුම්පත් වෙළදපලට (PHOTOS)

නිශාන් ද සිල්වා




ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ චක‍්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙතෙක් නිකුත් නොකළද ඇතැම් ස්ථානවල එවැනි අයදුම්පත‍්‍ර අලෙවි කිරීමට ඇති බවට නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. රුපියල් 40 ක මුදලකට එම අයදුම්පත‍්‍රයක් අලෙවි වන බවත් කිසියම් පුද්ගලයෙකු හෝමාගම සහ අවට පොත් හල් වලට එම අයදුම්පත‍්‍රය බෙදා හැර ඇති බවත් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණා. 

අදාළ ප‍්‍රදේශවල දෙමව්පියන් බොහෝ දෙනෙකු එම අයදුම්පත‍්‍ර මිලදී ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තාවුණේ. කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වලංගු අයදුම්පත‍්‍රය සහ චක‍්‍රලේකය මෙතෙක් නිකුත් කර නොමැති බැවින් ව්‍යාජ අයදුම්පත් වලංගු නොවන බවයි.

මේ පිළිබඳ නෙත් නිවුස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාවෙන්ද විමසීමක් කළා. පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේ චක්‍රලේඛනය මැයි මස අවසානයේදී නිකුත් කිරීමට නියමිත බවයි එහිදී පැවසුවේ. එමෙන්ම අදාළ වෙළදසැල් සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කරන්නේ නම් ඒ ගැන කරුණු සොයා බලා නිතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එහි ප්‍රකාශිකාවක් සඳහන් කළා.