ආණ්ඩුව විසින් ඉතා නුදුරේදීම ඉන්ධන මිල ඉහළ දමනු ඇති බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 20/-, ඩිසල් ලීටරයක් රු. 9/- කින් හා භූමිතෙල් ලීටරයක් රු. 40 කින් ඉහළ දැමීමට ඉඩකඩ පවතින බවයි.
nethnews.lk කළ විමසිමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ දැනට ලෝක වෙළදපලේ පවතින බොරතෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව ආණ්ඩුවට ඉදිරියේදී ඉන්ධන මිල තවත් ඉහල දැමීමට සිදුවනු ඇති බවයි.