මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු දින පතා විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමේ අරමුණින් ගෙන එන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ඊයේ (09) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත වුනා.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් රාජ්‍ය දැව සංස්ථාව සඳහා අලුතින් පත්කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පලගේ පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
දුෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අනුරුද්ධ පොල්ගම්පල වැනී අයෙකුට යලිත් වරක් ජනාධිපතිවරයා විසින් තනතුරු ලබාදීම සම්බන්ධයෙන් නැගු ප්‍රශ්න කිරීම් හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න අපහසුතාවයට පත්වූ අයුරු දක්නට ලැබුනා.
එම වීඩියෝව පහතින්
දර්ශන අනුග්‍රහය : බිබිසි සිංහල