ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට සූදානම් වනවා. ඒ පවතින දේශපාලන තත්ත්වය සහ නිදහස් පක්ෂයේ පවතින අර්බුධ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහායි. කෙසේවෙතත් මෙම හමුව ලබන 15වනදායින් පසු සිදුවනු ඇති බවටයි නෙත් නිවුස් වෙත වාර්තාවුණේ. හිටපු ජනාධිපතිවරයා මේ සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් ලබා දී නැති බවද වාර්තා වුණා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමේ පිිරිසක් ඉදිරියේදී ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට ද සූදානමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තාවුණේ.
එමෙන්ම ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධ කිරීමට ඉකුත් දා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16දෙනාගේ කණ්ඩායමේ මන්ති‍්‍රවරු කිහිපදෙනෙක් උත්සහ දරමින් සිටින බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.