එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්තී‍්‍රවරු පිරිසකට නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීමට නියමිත බව වාර්තා වනවා. මන්තී‍්‍රවරු 6 දෙනෙකුට මෙලෙස නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනැමීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. එක්සත් ජාතික පක්ෂය විවේචනය කළ සහ කළකිරීමෙන් පසුවන පිරිසකට මෙලෙස නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමෙනවා.
රංජිත් අලූවිහාරේ, ලකී ජයවර්ධන, බුද්ධික පතිරණ , එඞ්වඞ් ගුණස්කර, ආනන්ද කුමාරසිරි සහ වඩිවේල් සුරේෂ් යන මන්තී‍්‍රවරුන්ට මෙලෙස නියෝජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ. රංජිත් අලූවිහාරේ මන්තී‍්‍රවරයා තමන්ට පක්ෂයෙන් අසාධාරණයක් වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය ඉකුත්දා සංවිධාන කළ මැයිදින සැමරුම් උත්සවයටද සහභාගි වූයේ නැහැ.
ඉකුත් කැබිනට් සංශෝධනයේදී තමන්ට කිසිදු ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් මෙම මන්තී‍්‍රවරුන් පිරිස ජනාධිපතිවරයාද දැනුවත් කිරීමට කටයුතු කළා. නියෝජ්‍ය අමාත්‍ය ධුර සදහා නම් කෙරුණු මන්ති‍්‍රවරුන්ගේ නම් ඇතුළත් ලේඛනය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත යොමුකර ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.