ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබ්නට් මණ්ඩලයේදී තීරණය කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරනවා.
ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක මිල රු. 20 කින්ද, භූමිතෙල් ලීටරයක මිල රු. 57 කින්ද සහ ඩිසල් ලීටරයක මිල රු. 9/= සහ ලංකා ඔටෝ ඩිසල් ලීටරයක් රු. 14 කින්ද මිල ඉහළ දමා තිබෙනවා.
මේ අනුව නවතම ඉන්ධන මිල වන්නේ පෙට්ට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රු. 137/-, පෙට්ට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රු. 148/-, ඔටෝ ඩිසල් ලීටරයක් රු. 109/-, සුපර් ඩිසල් ලිටරයක් රු. 119/- සහ භූමිතෙල් ලීටරයක් රු. 101/- ලෙසිනි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.
මිට අමතරව ඉකුත් සති දෙක තුලදී කිලෝග්‍රෑම් 12.5 ක් බරැති ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 245 කින්ද, කිරිපිටි කිලෝවක මිල රු. 50 කින්ද ඉහළ දැමීමට තීරණය වුනා.