අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව පවරා ඇති නඩුව ජූනි 5 දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (10) තීරණය කළා.
ඔහු විසින් ගොනු කළ මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කොට එම නඩුව විභාග කිරීමටයි අභියාචනාධිකරණය මීට පෙර නියෝග කළේ. අධිකරණය හමුවේ ඇති කරුණු අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාදෙණිය මහතාට එරෙහිව කටයුතු කළ හැකි බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.
මේ අතර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් අධිකරණයට අපහාස වන ආකාරයට ප‍්‍රකාශ නිකුත් කිරීම වළකාලමින් අභියාචනාධිකරණය මීටපෙර අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.