Monday, December 23, 2024

General line - 0115112241

දරුවන් 05 ළමා නිවාසවලට බාර දී අම්මයි තාත්තයි කුඩු ජාවාරමේ

රවීන්ද්‍ර චන්ද්‍රලාල් - ගාල්ල




සිය දරුවන් පස් දෙනාම ළමා නිවාසවලට භාර දී මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදි සිටි ගාල්ල රත්ගම අඹුසැමි යුවළක් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය විසින් අද 10 දින අත්අඩංගුවටගෙන ඇති බව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසනවා.

මේ අනුවල ගාල්ල, රත්ගම විජේරත්න මාවතේ දී හෙරොයින් මිලිග්‍රෑම් 3166 ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පැවසුවා.

ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරක් මත කරන ලද වැටලීමේ දී හෙරොයින් මිලිග්‍රෑම් 1906 ක් සමඟ සැකකාර සැමියා මහමඟදී අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් මිලිග්‍රෑම් 1260 ක් සමඟ සැකකරුගේ බිරිඳ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අඹුසැමි යුවළගේ දරුවන් පස් දෙනෙකු ළමා නිවාසවලට බාරදී ඇති බවත් පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේග සැකකරු 53 හැවිරිදි අයකු බවත් සැකකාරිය 33 හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය සඳහන් කරනවා.