Monday, December 23, 2024

General line - 0115112241

පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගමේ ලේඛන CID යට පරික්ෂා කිරීමට අධිකරණයෙන් අවසර

අධිකරණ වාර්තාකරු




පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය මැයි 24 දා තෙක්  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළා. 

හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඒ අනුව ඔහු මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරනයට දැන්වූවා .

තවද පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගම සම්බන්ධයෙන් ඇති ලේඛන පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට මහේස්ත‍්‍රාත්වරිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඔවුන් ඇප මත මුදාහැරීමට තරම් සුවිශේෂි කරුණු අධිකරනයේ අනාවරණය නොවන බවට මීට පෙර මහේස්ත‍්‍රාත්වරිය පවසා සිටියා. ඒ අනුව ඔවුන් ඇප මත මුදාහැරීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

 2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරනය මීට පෙර  වරෙන්තුවක් නිකුත් කළා.