Monday, December 23, 2024

General line - 0115112241

ලබන වසරට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී ව්‍යාජ අයදුම්පත් වලංගු නැහැ - ඇතැම් ස්ථානවල ව්‍යාජ අයදුම්පත්

නිශාන් ද සිල්වා




ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ චක‍්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙතෙක් නිකුත් නොකළද ඇතැම් ස්ථානවල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත‍්‍ර අලෙවි කිරීමට ඇති බවට නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

හෝමාගම සහ අවට ප‍්‍රදේශවල එක් අයදුම් පත්‍රයක් රුපියල් 40 බැගින් එම අයදුම්පත‍්‍ර අලෙවි කෙරෙන බවයි නෙත් නිවුස් වෙත තොරතුරු දුන් පිරිස් කියා සිටියේ.

කිසියම් පුද්ගලයෙකු විසින් පොත්හල් වෙත ඒවා බෙදාහැර ඇතැයි නෙත් නිවුස් කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වූ අතර ඔහුද කොටු කර ගැනීමට නෙත් නිවුස් සමත් වුණා.

(එම හඬපටය පහතින් දැක්වෙයි.)

එහිදී ඔහු කරනු ලබන වරද පෙන්වාදෙමින් නෙත් නිවුස් එම පුද්ගලයාට නැවත ඇමතුමක් ලබාගත්තා. 

(එම සංවාදය පහතින් අහන්න)

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ වලංගු අයදුම්පත‍්‍රය සහ චක‍්‍රලේකය මෙතෙක් නිකුත් කර නොමැති බැවින් ව්‍යාජ අයදුම්පත් වලංගු නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය නැවත අවධාරණය කළා.  

ව්‍යාජ අයදුම්පත් බෙදාහරින්නන් හෝ අලෙවි කරන්නන් පිළිබඳ විධිමත් පැමිණිල්ලක් ලැබුණහොත් විමර්ශන කර සුදුසු ක‍්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.