විදේශීය සංචාරකයින් විවිධ ආකාරයෙන් පීඩාවට පත් වූ ප්රවෘත්ති ගණනාවක් ඉකුත් දිනවල වාර්තා වුණා. නෙත් නිවුස් ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ අහුන්ගල්ල ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් ද ඇතැම් පුද්ගලයන්ගේ හිරිහැරවලට ලක්වන බවයි.
මීට දින කිහිපයකට පෙර විදේශීය සංචාරකයන් පිරිසක් සමග එම ප්‍රදේශයට පැමිණි සංචාරක මග පෙන්වන්නෙකු ද පහර කෑමකට ලක්ව තිබෙනවා. එලෙස පහර කැමට ලක්වු සංචාරක මග පෙන්වන්නා ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා.
එම හඬපටය පහතින් දැක්වෙයි
මෙම පහරදීමට බලපෑ කරුණු පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා.
මෙවැනි සිදුවීම් නිසා විදේශීය සංචාරකයින් ශ්‍රී ලංකාව පිළිබඳ කලකිරීමට පත්වනු ඇතැයි ද එය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අහිතකර ලෙස බලපානු ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මිරිස්ස වෙරළ තීරයේ දී, පොළොන්නරුවේ දී සහ ත්‍රිකුණාමලයේ දී ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකදී ද විදේශීය සංචාරකයින් පීඩාවට පත් ප්රවෘත්ති ඉකුත් සමයේ වාර්තා වුණා.